28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නේ දුරකතනයට රීලෝඩ් දානවා වගේ

තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නේ දුරකතනයට රීලෝඩ් දානවා වගේ

දුරකතනයට රීලෝඩ් දමන ආකාරයට තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට දින 3 හා දින 8 පැකේජ දෙමින් සිටින බවත් මේ මොහොතේ ආණ්ඩුව ජනතාව පිට බර නොපැටවීමට ක්‍රියා කළ යුතු බවත් සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි.

“මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දීම අනුමත කරන්නේ නෑ. මේ වෙද්දි කාසල්රී, මාඋස්සාකැලේ, සමනලවැව ජලාශවල ජල මට්ටම ඉතා පහළ බැස තිබෙනවා. තවත් දින 08කට පමණ ප්‍රමාණවත් ජලය විතරයි තියෙන්නේ. විදුලිය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් රට හමුවේ පවතිනවා කියල අපි දැනටමත් දන්නවා. මේ කුමන ගැටය ගැහුවත් රටම අඳුරේ වැටෙන නිශ්චිත දිනයක් පැමිණෙනවා.

මෙවැනි වටපිටාවක පරිසර ඇමති විසින් ජනතාවට පාපැදිවලින් පැමිණ රාජකාරි කරන්න යැයි කීම ඔළමොට්ටළ ප්‍රකාශයක්. ඔහු පවසන ආකාරයට පුද්ගලයෙක් එක් කිලෝමීටරයක් පාපැදියක ගමන් කළහොත් රටට රුපියල් 236.48ක් ලාභ ලැබෙන අතර නැත්නම් රුපියල් 103.58ක පාඩුවක් වෙනවා කියලා පෙන්වා දෙනවා. ඒක එහෙම නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම පාපැදිවල පැමිණ රටට පළමුවෙන්ම ආදර්ශයක් සපයන්න ඕනේ. මේ මොහොතේ ජනතාව පිට බර නොපැටවීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.”