හෙට (29) සිට පෙබරවාරි මස 3 වනදා දක්වා දිනපතා පෙ.ව 7 සිට ප.ව 2 දක්වා මෙවර නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු වැඩසටහන් සඳහා රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
එමෙන්ම එළැඹෙන පෙබරවාරි මස 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙ.ව 6 සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඉහත සඳහන් වේලාවන් තුළ කොළඹ නගරයේ ඒ ආසන්න පිහිටි පහත සඳහන් මාර්ගයන් හි විටින් විට රථවාහන ගමනාගමනය සීමා කෙරේ.


