31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් ජීවිතක්ෂයට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් ජීවිතක්ෂයට

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටියදී, සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පුද්ගලයන් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටය.

අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.