― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෝටාර් උණ්ඩයක කොටසක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට තුවාල

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට තුවාල

කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (27) සවස 5.53ට පමණ එම පිපිරීම සිදුව ඇති අතර උණ්ඩ කොටස පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිය අතර එයින් තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරා ගොස් ඇති අතර එම අනතුර සිදුවන අවස්ථාවේ සිසුවා පොතක් කියවමින් සිට තිබේ.

පිපිරීම සිදුවු ස්ථානයේ තිබූ මි.මී 130 ප්‍රමාණයේ කාලතුවක්කුවලට යොදන උණ්ඩ කොටසක් මෙලෙස පිපිරෙන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි. කෙසේවෙතත් පසුගිය කාලයේ විටින් විට ප්‍රදේශයෙන් හමුවු මෙවැනි මෝටාර් උණ්ඩ කොටස් ආරක්ෂක අංශ මඟින් රැගෙන ගිය අතර, සමහර පුද්ගලයින් නිවෙස් අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබුණි.