25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිජයකලාට එරෙහි පැමිණිල්ල ගැන ලැබුණු නියෝගය

විජයකලාට එරෙහි පැමිණිල්ල ගැන ලැබුණු නියෝගය

2018 වසරේ කොටි සංවිධානය යළි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ජුනි මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව විමර්ශන සිදුකරන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ජූනි මස 10 වැනිදා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දැක් වු හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.