සමස්ත ඉන්දීය ශිෂ්‍ය සම්මේලනය ඇතුලු ශිෂ්‍ය සංවිධාන හා විපක්ෂ දේශපාලන පක්ෂ මගින් හර්තාලයක්ද ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය දුම්රිය සේවාවේ රැකියා සඳහා බඳවා ගැනීමට පැවති තරග විභාගයේ අක්‍රමිකතා පවතින බවට චෝදනා කරමින් බිහාර් ප්‍රාන්තයේ පට්නා අගනුවර මාර්ග අවහිර කරමින් අදත් දැවැන්ත විරෝධතා පැවැත්වුණා.
දුම්රිය බඳවා ගැනීමේ විභාගයට විරෝධය පා ශිෂ්‍ය කණ්ඩායම් බිහාරයේ මගී දුම්රියකට ගිනි තැබූ අතර, තවත් දුම්රියකට ගල්මුල්වලින් පහරදුන්නේ ඉන්දියාව ජනරජ දිනය සමරද්දියි.
ඉන්දීය දුම්රිය සේවාවේ තාක්ෂණික නොවන අංශ සඳහා 35,000 ක පිරිසක් බඳවා ගැනීමට පැවති මෙම තරග විභාගයට එක්කෝටි විසිපන් ලක්ෂයක් අපේක්ෂකයන් අයදුම්කර තිබෙනවා.එහිදී විභාගය සඳහා තෝරාගත් පිරිස හැට ලක්ෂයක්.
මෙවර දුම්රිය තරග විභාගය අදියර දෙකකින් පැවැත්වීම හා එමඟින් පළමු අදියරෙන් සමත්වූවන්ට දෙවන අදියරේදි අසාධාරණයක් සිදුවන බවට ඔවුන් චෝදනා කළා.
මෙය ලබන මස පැවැත්වෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය අවසන් වනතුරු බඳවාගැනීම් කල් දැමීමේ කුමන්ත්‍රණයක් ලෙසට ඇතමුන් හඳුන්වනවා.