බොරැල්ල දේවස්තානයේ සහ නාරහෙන්පිට පෞද්ගලික රෝහලක බෝම්බ තැබිමේ සිද්දිය සම්බන්දයෙන් මේ වෙන විටත් අපරාද පරීක්ෂන දෙපර්තමෙන්තුවෙ රදවා සිටින සැකකරු ගේ පුත්‍රයා වන සමාජ ක්‍රියාකරී ඕෂල හේරත් මහතා විසින් මීට සුලු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිනුමෙහි තැබු ආන්දෝලනාත්මක සටහන්ක් මෙසේයි
මගේ තාත්තා අදරණිය ස්වාමිපුරුෂයෙක්. අදරණිය තාත්තා කෙනෙක්, සියා කෙනෙක්. එයාගෙ මුලු ජිවිතයම උනේ එයාගෙ බිරිද දරුවො මුනුපුරා. එයා දේශපාලනයක් කලේ නෑ. ඔහු රජයේ වෛද්‍යවරයකු හැටියට GMOA සමාජිකත්වය තිබ්බත් ඔහු ක්‍රියාකාරි සමාජිකයෙක් වුනේ නෑ. වැඩ වර්ජන කරලා නෑ. හැම සැම තත්පරයක්ම ගතකලේ පවුලේ අපිත් එක්ක. ඔහු පෞද්ගලික බෙහෙත් දෙන එක කලෙත් ගෙදරමයි. මොකද පිටතට යන එක අවම කරන්න. එයා අපිට වෙදනාවක් ගෙන අපේ ජිවිත අවදානමේ දාන කිසිම දෙයක් කරන කෙනෙක් නෙවි. අපි ජිවිතය පුරාවටම ජිවත් වුනේ එක ගෙදරක් එක පවුලක් විදියට. අම්මා නැතිවිම අපිට විශාල කම්පනයක් සහ දුකක්. අපි එ නිසා අපේ අවදානය යොමු කලේ අපේ පුතාගෙ අනාගතය ශක්තිමත් කරන්න. ඒ නිසාම අපි පහුගිය මාස 6 තුල අපේ ගෙදර ඉදිරි කොටස ලොකු කරලා ඔහුගෙ ඩිස්පෙන්සරියට අමතරව ලැබ් එකක් ෆාමසියක් පටන් ගන්න කටයුතු කරමින් හිටියේ. සැම ඉරිදාම නොමිලේ ඇස් කණ්න්ඩි 7 බෙදනවා අම්මා වෙනුවෙන්. මෙහෙම තමයි අපේ කාලය ගතවුනේ. මමත් දේශපාලනයෙන් ඇත් වෙලා හිටියේ. මොකද මේ කොරොනා හමුවේ අපේ ජිවිත අවදානම් නිසා පුලුවන් තරම් පුoචි පුතා වෙනුවෙ එයාගෙ අනාගතය වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නිසා. හැම සතයම ඉතුරු කලේ ඔහු වෙනුවෙන්. අපි ඉතාම පරිසමෙන් ජිවත් වුනේ අපේ ගෙදරට අයි කොරොනා එවි කියලා. නමුත් මේ ප්‍රශ්නේ එක්ක දැන් අයි මගේ මුලු පවුලටම කොරොනා. පුතාට බිරිදට , අක්කාට සහ මට අදට දවස් 5යි. තාත්තා බලන්න යන්නත් බෑ. කාටවත් හරිය මුණ ගැහෙන්න දෙන්නෙත් නෑ. අදටත් lawyers ලටවත් හමු වෙන්න දිලා නෑ. මගේ වයස 75ක තාත්තාට මානාසික පිඩාවට ලක්කරලා නොකරපු වරදකට පාපොච්චාරණ කියව ගන්නවා. අපිව පිඩාවට ලක්කරන බවට ඔහුට තර්ජනය කර මේ දෙකරව ගන්නවා කියලා අපිට විශ්වාසයි. මගේ බිරිද අක්කා පුoචි පුතාගේ අරක්ශාව වෙනුවෙන් ඔනෙම දෙයක් කරයි. මගේ අක්කත් බිරිදත් කලක සිට depression වලට බෙහෙත් ගන්නවා. ඔහුන්ට මේ ප්‍රශ්න දාරා ගන්න බෑ. පුතා මටත් වැඩිය අදරේ එයාගෙ සියට. ඔහුත් සoකාවෙන්. උඩ ඉන්න දෙවියන් ගැනයි එක විශ්වසය. අපිට සාධාරණයක් අවශයයි. පිහිට වෙන්න.