27.8 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළැඹෙන සති අන්තය තීරණාත්මකයි

එළැඹෙන සති අන්තය තීරණාත්මකයි

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේදී ප්‍රවේසම් වන ලෙසත් එහිදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලයි.

රටේම ජනතාව මෙවැනි දීර්ඝ නිවාඩුවලදී ගමන් යාමට පෙළඹෙන බැවින් හැකි තරම් නිස්කලංක තැනකට යාමටත්, අවධානමකට ලක්වීමෙන් වැළකීම සඳහා හැකිනම් ගමන් නොගිහින් සිටීමට උත්සාහ කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක් පමණක් වන අතර තවත් මිලියන 10ක් එන්නත ලබාගැනීමට සිටියි. මේ අතර ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයට එරෙහිව නිපදවන බූස්ටර් එන්නත පිළිබඳව ලොව පුරා බොහෝ කරුණු සාකච්ඡා වන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙරට සෞඛ්‍ය අංශ ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන බවත් පැහැදිළි තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.