29 C
Colombo
Sunday, May 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව දීර්ඝ කෙරේ

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව දීර්ඝ කෙරේ

කොවිඩ් 19 මර්දනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඒ පිළිබදව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ,
“සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන මාර්ගෝපදේශ විටින් විට අපි අලුත් කරනවා. මේ දක්වා බලාත්මකව තිබුණේ, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා. ඒ වගේම මේ දක්වා පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන්න කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”