27 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදකුණු අප්‍රිකාවෙන් නව වයිරසයක්

දකුණු අප්‍රිකාවෙන් නව වයිරසයක්

දකුණු අප්‍රිකාවේ වවුලන්ගෙන් හඳුනා ගත් බවට අනාවරණය වූ කොවිඩ් වයිරසයේ ‘නියෝකොව්’ නව ප්‍රභේදය මිනිස් සිරුරට කෙතරම් තර්ජනයක් වන්නේදැයි තහවුරු කරගැනීමට තවදුරටත් අධ්‍යයනය කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් සියයට 75ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඅවධාරණය කරයි. එවැනි වයිරස් වැඩි ප්‍රමාණයක් වවුලන්ගෙන් මිනිසාට පැතිරෙන බැවින් චීන විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ නව වයිරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබෙන අතර එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයිද අනතුරු අඟවා තිබේ.