30.6 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ජාඇල පොලිස් වසමේ කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන් කළ ත්‍රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඇත.

ත්‍රිරෝද රථ රියදුරා සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කර ඇති අතර එක් පුද්ගලයකු ව්ම අන්තුරෙන් මියගොස් ඇත. අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

31 හැවිරිදි කැලැහල, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇත.

එමෙන්ම හිඟුරක්ගොඩ පොලිස් වසමේ හතමුණ ප්‍රදේශයේදී මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 40 හැවිරිදි හතමුණ, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.