27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි

දෛනික කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි

මාස කිහිපයකට පසු යළිත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා තිබේ. ඒ ඊයේ දිනයේදී (30) පමණක් කොරෝනා ආසාදිතයින් 1,056 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අතරට විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද අයත්ය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 10,103ක් වන අතර ඉන් පුද්ගලයින් පන් ලක්ෂ 78,051ක් මේ වන විට සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,632ක් තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 15,420ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් අවධාරණය කරයි.