29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ප්‍රහාරයේ මහ මොළකරු ඇවන්ගාඩ් සමාගමද?

බිත්තර ප්‍රහාරයේ මහ මොළකරු ඇවන්ගාඩ් සමාගමද?

කළගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් දෙදෙනා එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් බවයි.

ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සඳහා එම රෝහලෙන් මේ වනතෙක් අවසර ලබා දී නොමැත.

අද පැවති මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කළේය.

“මේ ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ට් ගාර්ඩ් ආයතනයෙන් කියන එක ඉතා ම පැහැදිලිව ඔප්පු වෙන සාධකය තමයි මේ ඡායාරූපය. ඒ් විතරක් නෙවෙයි ඔවුන්ගේ කට උත්තරවලදී ඔවුන් පිළි ගන්නවා ඒ් ආයතනවල සේවය කරා කියලා. හමුදාවේ විශ්‍රාමික යි කියලා. මේ ප්‍රහාරය සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් එකේ වුවමනාව මත. කවුද ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මෙම ප්‍රහාරයන් දෙක ම දේශපාලන උවමනාව මත මෙහෙයවූවා කියන ඒක පැහැදිලිව ඔප්පු වෙනවා.”