සතොස මගින් අද (31) සිට ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමට අත්සන් තබා ඇති බවත්ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
“මේ වර්ෂය පුරාවටම ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රුපියල් 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකුට පොල් ගෙඩි 05ක් ලබාගන්න පුළුවන්. එහෙම පොල් ගෙඩි වශයෙන් ලබාගන්න බැරි පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අපනයන තත්ත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රු 150කට සතොසෙන් ලබාගන්න පුළුවන්. පොල් ගෙඩියක් උපරිම වශයෙන් රු 75යි. වෙළෙඳපොළේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ නෑ.”