අමෙරිකානු රූ රැජින ක්‍රිළ දිනූ චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන්හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත්ව ඇති අතර උදෑසන 7ට පමණ ඇයගේ සිරුර නිවාස සංකීරණය අසළ පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇත.
එය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීය.