27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙරොයින් ජාවාරමේ සැකකරුවන් 12ක් රිමාන්ඩ්

හෙරොයින් ජාවාරමේ සැකකරුවන් 12ක් රිමාන්ඩ්

පසුගියදා රුපියල් කෝටි 350කට අධික මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා අතරින් සැකකුරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉතිරි සැකකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය. පසුගිය (24) වැනිදා හෙරොයින් ක්‍රිලෝගෑම් 350කට අධික තොගයක් සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට ගැණිනි.

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාව කළ වැටලීමකදී සැකකරුවන් සමග මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් ජාවාරම ඩුබායිහි සිටින ‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද්දක් බවට පසුව අනාවරණය විය.