30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපේ ආණ්ඩුව පත්වුණේ විදුලිය කපන්න නෙවෙයි

අපේ ආණ්ඩුව පත්වුණේ විදුලිය කපන්න නෙවෙයි

කවුරුන් කුමක් කීවත් කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මම විදුලිබල ඇමති. අපි ආණ්ඩුවක් වශයෙන් පත්වුණේ, විදුලිය කප්පාදු කරන්න නොවෙයි. සමහරු හීන දකිනවා විදුලිය කප්පාදුවක් ගැන. 2005 සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට කිසිදු බලාගාරයක් හෝ ව්‍යාපෘතියක් එකතුවෙලා නැහැ. ඒ කාලසීමාව තුළ ආරම්භ කළ ව්‍යාපෘති නිම කරලත් නැහැ. ඒක විදුලිබල ක්ෂේත්‍ර‍යට විශාල ගැටළුවක්.

මෙගාවොට් 32 ක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය මෑතකදි අපි නිමකරලා ජනතා සේවයට කැප කළා. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතියත් ජනතා අයිතියට කැප කරන්න අපි කටයුතු කරගෙන යනවා. තෙල් වගේම ගල් අගුරු ගේන්න අපිට ගැටලු තිබෙනවා.

ජනාධිපතිතුමත්, මහා භාණ්ඩාගාරයත් ජනතා සුබසාධනය වෙනුවෙන් කැප වෙලා, ඒ වෙනුවෙන් මුදල් ලබාදීලා තිබෙනවා. කුමන ගැටලු තිබුණත් ජනතාව අදුරේ තියන්න අපි සූදානම් නැහැ. කව්රු මොනවා කිව්වත්, මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ”