27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ උපකාරක පන්ති අද රැයින් තහනම්

උසස් පෙළ උපකාරක පන්ති අද රැයින් තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම මස 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර සිසුන් 345,242ක් විභාග මධ්‍යස්ථාන 2,438කදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.