28.6 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඔස්ට්‍රියාව එන්නත්කරණය අනිවාර්ය කරයි

ඔස්ට්‍රියාව එන්නත්කරණය අනිවාර්ය කරයි

කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.

ඊට අදාළ නීති සම්මත කරගෙන ඇති අතර ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි සෑම අයෙකුම කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු වෙයි. ඔස්ට්‍රියාව තුළ එම නීතිය අද සිට ක්‍රියාත්මකය. ඒ අනුව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 670 සිට ඩොලර් 4,000 දක්වා දඩයකට යටත්වීමට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපයේ කිසිම රටක් එන්නත්කරණය කිරීම මෙතෙක් අනිවාර්ය කර නැති අතර
ඔස්ට්‍රියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊට එරෙහිව ඇතැම් පාර්ශව දැඩි විරෝධයක්ද පළ කර ඇති පසුබිමකයි.