28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩොලර් රට පැටවූ දෙදෙනෙක් CIDයට

ඩොලර් රට පැටවූ දෙදෙනෙක් CIDයට

විදෙස් සංචිත සම්බන්ධයෙන් රට තුළ ගැටලුවක් මතුව ඇති අවස්ථාවක භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට යැවූ බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් සංචිත සම්බන්ධයෙන් රට තුළ ගැටලුවක් මතුව ඇති අවස්ථාවක භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට යැවූ බවයි ඔවුන් වෙනුවෙන් දැක්වෙන නඩුවෙහි සඳහන් වෙන්නේ.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමක් ද සිදුකර ඇතිබව කියවෙ.

දැනට සිදුකරන ලද විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයින් විදේශයන් වෙත ඩොලර් යවා ඇති නමුත් ඊට අදාළව භාණ්ඩ මෙරටට ගෙන්වා නොමැති බවයි.