27.8 C
Colombo
Monday, March 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්ටර්වලින් ගැබිණි මවුවරුන්ට ආරක්ෂාවක්?

බූස්ටර්වලින් ගැබිණි මවුවරුන්ට ආරක්ෂාවක්?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රාමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ, දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 3කට පසු සියලුම ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත ලබාගත හැකි බවය.

එමඟින්,කොවිඩ් වලින් මවට සහ දරුවාට සංකූලතා ඇතිවීමෙන් ආරක්ෂා විය හැකි බව ඇය තව දුරටත් මෙලෙස සඳහන් කළා.

” සියලුම ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නතත් ලබා ගන්න පුලුවන් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගිය පසු. නමුත් මව්වරුන්ගේ පැමිණීමේ අඩුවක් අපි දකිනවා. ඔබ ඔබේ සායනයට ගිහිල්ලා මේ එන්නත ලබා ගන්න. ලබා ගෙන, ඔබත් දරුවාත් සංකූලතා ඇතිවීමෙන් ආරක්ෂාකර ගන්න.”

එමෙන්ම කාසල් විදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පැවසුවේ ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණ ද එනත්කරණය හේතුවෙන් එම රෝගීන් අතරින් අතුරුආබාධ හෝ මරණ වාර්තා නොවන බවය.

“මේ අලුත් ප්‍රභේදයත් එක්ක රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නේ නෑ. කාසල් විදියේ කාන්තා රෝහල ගත්තොත් රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් අපි දැක්කත් ගර්භණී මව්වරුන් එන්නත් කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එන්නත්කරණයට පිංසිද්ධ වෙන්න අපිට ඒවාගෙන් අතුරු ආබාධ නැතිනම් මරණ සිද්ධවෙන සංඛ්‍යාව ඒ කිසිම වැඩිවීමක් අපිට දක්නට වෙන්නේ නෑ. අපි වාසනාවන්තයි.”