26 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමිලක් නැති සිමෙන්ති වෙළෙදපොළේ

මිලක් නැති සිමෙන්ති වෙළෙදපොළේ

මිල සඳහන් නොකොට සිමෙන්ති වෙළදපොළට නිකුත් කිරීම නිසා වෙළදසැල් හිමියන් හිතු මනාපයට සිමෙන්ති අලෙවි කරන අතර මේ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම තමන් ද අපහසුතාවට පත්ව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

දේශීය සිමෙන්ති කොට්ටයක් වෙළදපොළේ අලෙවි කෙරුණේ රුපියල් 1375කට වුවත්, ඇතැම් වෙළදුන් සිමෙන්ති තොග සගවා රුපියල් 2000ක වැඩි මුදලට විකුණන බවයි පැවසෙන්නේ.

මේ අතර,

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇණවුම්වලට ගෙවීම් ප්‍රමාද වීම නව ගැටලුවක් සේ මතුව ඇති බවයි.

මේ නිසා සැපයුම්කරුවන් ඇණවුම් එවීම ප්‍රමාද කිරීම නිසා එළැඹෙන අලුත් අවුරුද්ද සඳහා දැන් සිට ම ඇනවුම් ලබාදීම ට සිදුව අති බව ද ඔහු සඳහන් කළා.