28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ අය සොයන්න පොලිසිය මහජන සහය පතයි

මේ අය සොයන්න පොලිසිය මහජන සහය පතයි

පසුගියදා පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමට අදාළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් අද (01) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය අපේක්ෂා කරයි.

මෙම සැකකරුවන් පිලිබඳව තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත අපරාධ දිසාව – 071-8592686
අධ්‍යක්ෂ, කළුතර අපරාධ කොට්ඨාසය – 071-8592745