27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ රැකියා ඉලක්ක කර ගනිමින් පුහුණු පාඨමාලා

විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් පුහුණු පාඨමාලා

අරලියගහ මන්දිරයේදී පැවති,වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වන රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (31) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අගමැති විසින් විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තරුණ, තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා ලබාදීම පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇති අතර පාසල් අධ්‍යාපනය හැර යන පිරිස පුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් රැකියාවලට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙරට අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව සහ දෝහාකටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබැර්තු එක්ලක්ෂ අසූතුන්දහසකට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත.