ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේදයක් ලෙස සමාජගත ව පවතින බී ඒ.2 උප ප්‍රභේදය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඔමික්‍රොන් බී ඒ.2 උප ප්‍රභේදය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බවත් මේ වනවිට දකුණු අප්‍රිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල මෙම ප්‍රබේදය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් අභිබවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය ද පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මෙම නව වෛරසය බී ඒ.2 ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවත්, එය ආසාදනය විම වළක්වාගැනීමට කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එබැවින් කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුසී පෙරේරා පවසනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවයි.ඒසෙම පාසල් වලින් නව කොවිඩ් රැල්ලක් මතු වීමේ අවධානමක් ද මතුව ඇති බව ඒ මහතා අනතුරු අඟවයි.