28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනිදි යහනේ දැමූ සෙල්ලම මරණයෙන් කෙළවර වෙයි

නිදි යහනේ දැමූ සෙල්ලම මරණයෙන් කෙළවර වෙයි

හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද විසින් සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර (30) නමැති හිටපු හමුදා සෙබලෙකක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා හා බිරිඳ නිරන්තරයෙන් ආරවුල් ඇති කරගන්නා දෙදෙනෙක් බවත් එදිනද සුපුරුදු පරිදි ආරවුලෙන් පසු මෙම පුද්ගලයා ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.