26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාඨලීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

පාඨලීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතු කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ජුනි 17 වැනිදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බව විනිසුරුවරයා එහිදී නියෝග කළේය. එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිද නිකුත් කෙරුණි.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස නොසැලකිලිමත්ව රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු අනතුරට ලක්කොට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.