28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපිච්චී මියගිය අම්මා වෙනුවෙන් පෙත්සම් තැබූ දරුවන්

පිච්චී මියගිය අම්මා වෙනුවෙන් පෙත්සම් තැබූ දරුවන්

පසුගිය දවස්වල සිදු වූ ගෑස් පිපිරීම් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් විවිධ දුක්ඛිත කතා අසන්න,දකින්න ලැබුණා.ඒ අතර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී ගෑස් උඳුන පිපිරී බරපතළ තුවාල ලබා මිය ගිය කාන්තාවක් ගැන ද වාර්තා වුණා.

එලෙස මියගිය කාන්තාවගේ සැමියා සහ ඔහුගේ දරුවන් සිව් දෙනා විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමැරුම සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

පෙත්සම්කරු චෝදනා කරන්නේ, ඉකුත් දෙසැම්බර් මස 01 වන දා තම බිරිඳ ආහාර පිසීම සඳහා ගෑස් උදුන ක්‍රියාත්මක කළ අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ ගින්නක් හටගත් බව හා ඉන් බරපතළ පිළිස්සීමකට ලක් වූ ඇය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 11 වන දා ඇය මියගිය බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තත්වයෙන් බාල අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උද්ගත වූ බවයි අදාළ පාර්ශවය වැඩි දුරටත් පවසා සිටියේ.