28.9 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස් තනතුරු ඉල්ලූ දෙදෙනා කළ අපරාධය

පොලිස් තනතුරු ඉල්ලූ දෙදෙනා කළ අපරාධය

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඒ.ටි.එම්. යන්ත්‍රයක මුදල් ගැනීම සඳහා පසුගිය 31 වන දින පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ් පත අමතක වී දමා ගොස් තිබුණා.

එලෙස අමතකව දමාගිය බැංකු කාඩ්පත සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් අවුරුදු 22 හා 25 හැවිරිදි වීදියගොඩ පදිංචි තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.

පසුව සැකකරුවන් දෙදෙනා එම කාඩ්පතින් කහතුඩුව ප්‍රදේශයේම සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ ලබා ගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමග තම බැංකු කාඩ්පත නැති වී ඇති බව දැනගෙන තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ගොස් එක් අයකුට මාලයක් සහ අනෙක් පුද්ගලයාට අත් පළඳනාවක් ද මිලදීගෙන බැංකු කාඩ්පතින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

කාඩ්පත් හිමියා අදාළ බැංකුවට දුරකථන ඇමතුමක් ලබාදී කාඩ් පත අක්‍රීය කරන අවස්ථාව වනවිටත් සැකකරුවන් විනාඩි කිහිපයක් තුළ දී අවස්ථා පහකදී රුපියල් දෙලක්ෂ තිස් දහසක භාණ්ඩ මිලදීගෙන තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ කහතුඩුව පොලිසීය පරීක්ෂණ පවත්වයි.