බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ 2022 සදහා හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා අද දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇයගේ මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබුණා.
ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාළය තුළ දී ඇයගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සමාජ සත්කාරක ව්‍යාපෘති ගනනාවක් අධීක්ෂණය කිරීමට නියමිතයි.
එම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ව්‍යාපෘතියක් සහ ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් සදහා වූ ව්‍යාපෘතියක් ද ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමේ ව්‍යාපෘතියක් ද වේ .
මීට අමතරව බ්‍රිතාන්‍යයේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව ධනාත්මක ආකල්පයන් ඇති කිරීම ද මෙම සංචාරයේ තවත් අරමුණක් වී තිබේ.
මෙවැනි රූ රැජින තරගාවලියක් සදහා ඉදිරිපත් වන තරගකරුවන් අනිවාර්යයෙන්ම මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බවට බ්‍රිතාන්‍යයේ නිර්දේශ කිරීම් සිදු කර තිබේ .
එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ හී දී පැවැත්වීමට නියමිත 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරගාවලිය සදහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.
එහිදී ඇය ජයග්‍රහණය කළහොත් ඇයට හිමි වන ත්‍යාග මුදලින් 20% ක් ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව සදහා වූ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම සදහා වැය කිරීමට සූදානමින් සිටින බව ද ඇය කටුනායක ගුවන් තොටුපළේ දී අනාවරණය කළා.
ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ කමලා හසන් මෙම ව්‍යාපෘති ඉන්දියාවේ සිදු කිරීමට ආරාධනා කළ බවත් එහෙත් තමන් ඒ සදහා ශ්‍රී ලංකාවම තෝරා ගත් බවත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය වැඩිදුරටත් සදහන් කළා.
එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය සිය මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග අද දින දහවල් 12.37 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ” සිල්ක් රූට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.