28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැකි ඉක්මනින් මැතිවරණයකට යනවා

හැකි ඉක්මනින් මැතිවරණයකට යනවා

හැකි ඉක්මනින් මැතිවරණයකට යාමට බලාපොරොත්තු වන බවත් ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් රජය IMF සමග සාකච්ඡා කරමින් සිටින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති දිවයින පුරා වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

“මම කැමතියි අද හෙටම වුණත් ඡන්දයකට යන්න. අපේ පරමාදර්ශී නායකයා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේද බලාපොරොත්තුව ඡන්දයකට යාමටයි. කොහොම වුණත් වසරක් ඇතුළත මැතිවරණයකට යාමට බලාපොරොත්තු වෙනවා.

පළාත් සභා ඡන්දයක් තැබීම වැළැක්වීමට පසුගිය ආණ්ඩුව විසින් නීති සම්පාදනය කර ඇති නිසා එම මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට හැකියාවක් නැහැ. ඉන්පසුව පැවැත්විය හැකි මැතිවරණයකට මම සූදානම්. ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය මූලික පියවරක් වශයෙන් ලබන 9 වැනිදා සිට ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම අනුරාධපුරයෙන් ආරම්භ කරනවා.

දැනට පවතින ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් රජය IMF සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා සහයෝගය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තාක්ෂණික කණ්ඩායමක් මෙරටට පැමිණීමට සූදානම්. IMF පිහිටුවා තියෙන්නේ අර්බුදකාරී රටවලට උපදෙස් දීමට තමයි.