28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCNN සභාපති ඉල්ලා අස්වෙයි

CNN සභාපති ඉල්ලා අස්වෙයි

CNN සභාපති ජෙෆ් සකර් හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

CNN පුවත් සේවය වාර්තා කළේ ජෙෆ් සකර්, CNN හි ඉහළ නිලයක් දරන කාන්තාවක් සමග රහස් සම්බන්ධයක් පවත්වා ඇති බව හෙළිවීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවය.
    
සකර් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔහු විසින් CNN හි ප්‍රමුඛ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන ක්‍රිස් කුඕමෝ ඉවත් කිරීමෙන් අනතුරුව වීම බොහෝදෙනා පුදුමයට පත්කර තිබේ.

ඔහුගේ සහෝදරයා වන නිව් යෝර්ක් හි හිටපු ආණ්ඩුකාර ඇන්ඩ්රු කුඕමෝ ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ලවූ විට එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දුන් බවට ක්‍රිස් කුඕමෝ ට එරෙහිව චෝදනා එල්ලවුණි.
      
“ක්‍රිස් කුඕමෝ ගේ CNNහි කාලය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී මගෙන් විමසීමක් කළා මා සහ මගේ සමීපතම සගයා අතර ආදර සම්බන්ධයක් තිබේද යන්න ගැන. මම සහ ඇය වසර විස්සක් පමණ එකට වැඩකළේ. මම පිළිගත්තා එවැනි සම්බන්ධයක් මෑත කාලයේදී ඇතිවුණු බව. මම එය හෙළිකළ යුතුව තිබුණා. නමුත් එහෙම වුණේ නෑ. මම වැරදියි. ඒ නිසා මම ඉල්ලා අස්වෙනවා,” යනුවෙන් සිය සහෝදර සේවකයින්ට ඔහු ලිඛිතව දන්වා තිබුණි.
 
සකර් සිය සගයාගේ නම එහි සඳහන් කර නොතිබුණි.

නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම තැනැත්තිය වන්නේ CNN හි අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇලිසන් ගොලස්ට් බවය.