31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි ජාතික ආරක්ෂාව තහවුරු කළා

අපි ජාතික ආරක්ෂාව තහවුරු කළා

විරෝදාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීමට නායකත්වය දෙමින් මීට වසර 13කට පෙර ත්‍රස්තවාදය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් නැවත උරුම කර දීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අදට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

එලෙස දිනා දුන් නිදහස නැවත අභියෝගයට ලක්වෙමින් තිබියදී රටේ පාලනය නැවත භාරගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බවත් ලෝක වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු මිනිස් ජීවිත සහ ආර්ථිකය නගා සිටුවීමේ දැවැන්ත අරමුණ ජය ගැනීමට පෙළ ගැසිය යුතු බවත් එම නිවේදනයේ දැක්වෙ.

අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලය දැන් එළැඹ ඇති බව අවධාරණය කරන අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ
අභියෝග ජයගත් අනාගතයක් උදෙසා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව අප එක්ව කටයුතු කළ යුතු බවයි.