31 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගිලන් රථ වෙඩි තැබීමට මත්ද්‍රව්‍ය සම්බන්ධයි

ගිලන් රථ වෙඩි තැබීමට මත්ද්‍රව්‍ය සම්බන්ධයි

ඉකුත් ජනවාරි 27 වනදා මෙම වෙඩිතැබීම සිදුවිය.

ඊයේ (03) රාත්‍රියේ පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පැමිණිලිකාර ගිලන් රථ රියදුරා සහ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර අපරාධ කොට්ඨාසය වෙත පානදුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

ඒ අනුව කළුතර උතුර තොටුපොළ පාරේ පදිංචි ගිලන් රථ රියැදුරා සහ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙඩිතැබීමට යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයයා වෙනුවෙන් එලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් වින්දිත ගිලන් රථ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක සිට මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ ඔහු ගිලන් රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලදී.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සතුව තිබී විදේශීයව නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

තවත් සැකකරුවකු සතුව ලක්ෂ ගණනක මුදල් සංසරණය වූ බැංකු ගිණුමක් ද දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අනාවරණයවී තිබේ.