29 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවියො කාබනික පොහොර භාවිතයට මැලිකමක් දක්වනවා

ගොවියො කාබනික පොහොර භාවිතයට මැලිකමක් දක්වනවා

‘පොහොර කාර්ය සාධක බලකාය’ ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

කාබනික පොහොර පිළිබඳව ගොවීන් නිසිලෙස දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගිවීමට ඇතැම් නිලධාරීන් මැලිකමක් දක්වන බවත් අදාළ සියලු දෙනා එම වැඩසටහන්වලට සහභාගි වීම අනිවාර්ය කළ යුතු බවටත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ගොවීන්ගේ ආදායම කුමන හේතුවක් මත හෝ අඩුවීමට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.