33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතාගේ පිහි පහරින් 15 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට

පෙම්වතාගේ පිහි පහරින් 15 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට

පිහි පහරකට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි 15 හැවිරිදි දැරියක් ඊයේ (04) මියගොස් තිබේ.

අනතුරට ලක්වූ දැරිය කන්තලේ මහ රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල දක්වා රැගෙන යමින් සිටියදී මරණයට පත්ව ඇත. ඉකුත් 01 වැනිදා සිය නිවසේදී අදාළ පිහි ඇනුම සිදුවී ඇති අතර ඇගේ පෙම්වතා යැයි කියන 17 හැවිරිදි තරුණයෙක් විසින් මෙම පිහි ඇනුම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචිකාරියකි. පොලිසිය පවසන පරිදි සැකකරු පිහි ඇනුම සිදුකර ඇත්තේ දැරියගේ මවද නිවසේ සිටි අවස්ථාවක නිවසට පැමිණ සැඟව සිටිමෙන් අනතුරුවයි.

දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදි පැවැත්වීමට නියමිතය. සැකකාර තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.