28.3 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබලලෝභී දේශපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න බෑ

බලලෝභී දේශපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න බෑ

බලලෝභී දේශපාලන න්‍යාය පත්‍ර තුළින් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික, මාධ්‍ය යනාදී සකලවිද අභ්‍යන්තර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අදට යෙදෙන නිදහ්ස් දිනය වෙනුවෙන් පණ්වුඩයක් නිකුත් කරමිනි.

ව්‍යාජ දේශප්‍රේමයකින් සහ ව්‍යාජ දේශානුරාගයකින් තමාගේ පටු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවාදී කණ්ඩායම් රට තුළ සිටින බවත් අපට පිටුපසින් සිටි බොහෝ රටවල් පෙරට ඒමේ රහස අවබෝධ කොට ගැනීමත්, අවස්ථාවාදය සහ බලලෝභීත්වය කරපින්නා ගත් පටු චින්තනය ඉවත් කොට සැබෑ කැපවීමකින් මාතෘ භූමියේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික න්‍යායපත්‍රයක පිහිටා කටයුතු කිරීමත් මේ මොහොතේ පළමු දෙවන සහ තෙවන ප්‍රමුඛතාවයන් විය යුතු බවත් එම නිවේදන්යේ වැඩිදුරටත් දැක්වෙයි.

අධිරාජවාදීන් වෙතින් නිදහස ලද දිනය පිළිබඳ වගාඩම්බර කීමෙන් පළක් නැති බවත් එම නිදහස පියවරින් පියවර ඉදිරියට ගෙන යමින් දියුණු ප‍්‍රජාවක් ලෙස ලාංකිකයාට ජීවත් වීමට ඇවැසි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂනායකවරයා අවධාරණය කරයි.