29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් නිදහස් කිරීම ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

රන්ජන් නිදහස් කිරීම ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

රන්ජන් රාමනායක හට නිදහස් දිනයේ පූර්ණ නිදහස ලැබෙනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ අතර රන්ජන් රාමනායකගේ නම අද (04) දිනයේදී නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ඊයේ (03) ප්‍රකාශ කළේය.