31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයින්ට වීසා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ

විදේශිකයින්ට වීසා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ

විදෙස් ගුවන් මගීන්ට සිය රටවල සිට ගෙවීම් සිදුකෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මෙරටට පැමිණ ගුවන්තොටුපොළේදී අදාළ ගෙවීම් කටයුතු සිදුකර වීසා ලබාගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මේ වනවිට අදාළ පහසුකම ගුවන්තොටුපොළ තුළ සක්‍රීය කර ඇති අතර ඒ අනුව ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ඉතාලිය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් එරට ගුවන්තොටුපොළේදී වීසා ලබාගෙන නොමැති නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්හිටුවා තිබුණි.

එහෙත් එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, ගුවන්තොටුපොළේදී වීසා සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කරයි.