29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ඇමති ඉන්දියානු සංචාරයක

විදේශ ඇමති ඉන්දියානු සංචාරයක

අනිද්දා (06) ඉන්දියාවේ දී පැවැත්වෙන විශේෂ හමුවකට සහභාගී වීම හෙතුකොටගෙන දෙදින නිල සංචාරයක් සඳහා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන්නට නියමිත අතර එම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් හමු වීමට නියමිතයි.

එමෙන්ම පවතින වසංගත තත්ත්වය තුළ දී දෙරට අතර ශ්‍රමිකයින් රැකියා සඳහා ගෙන්වා ගැනීම මෙන්ම අධ්‍යාපනය සඳහා දෙරටෙහි සිසුන් හට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිකර දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.