27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසකර්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවෙන් ඉවතට විසි වෙයි

සකර්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවෙන් ඉවතට විසි වෙයි

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි ‘මෙටා’ ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම වාර්තාගත ලෙස පහත වැටී ඇත.

එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230ක් වන අතර එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ඒ අනුව ෆේස්බුක් හිමි ‘මෙටා’ ආයතනයේ කොටස් සියයට 26.4 කින් පහත වැටී තිබේ.

වසර 18ක ඉතිහාසයේ පළමු වරට දෛනික ෆේස්බුක් සක්‍රිය පරිශීලකයින් පහත වැටීම ඊට ප්‍රධාන හේතුව වී ඇත. මේ හේතුවෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 31කින් පහත වැටී තිබේ.

සකර්බර්ග්ගේ ආදායම අඩුවීමත් සමඟ 2015 වසරෙන් පසු පළමු වරට ඔහු ලොව ප්‍රකෝටිපතියන් දස දෙනාගේ ලැයිස්තුවෙන්ද ඉවතට විසි වී තිබේ. ටික්ටොක් සහ යූ ටියුබ් ඇතුළු ප්‍රතිවාදී වෙනත් සමාජ මාධ්‍ය ජාලයන්හි තරඟකාරීත්වය හමුවේ මෙලෙස ෆේස්බුක් හිමි ‘මෙටා’ ආයතනයේ කොටස් බිඳවැටීමට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරඟකාරිත්වය හේතුවෙන් ෆේස්බුක් වෙත දැන්වීම් ලබාදීම අඩුවී ඇත.