28 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිරකරුවන් 197කට ජනපති සමාව

සිරකරුවන් 197කට ජනපති සමාව

74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනකු ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ අද (04) නිදහස ලබයි.

මෙයින් වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 20කි.

කෑගල්ල බන්ධනාගාරයෙන් සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 17ක්, දුම්බර බන්ධනාගාරයෙන් 11ක් සහ යාපනය බන්ධනාගාරයෙන් සිරකරුවන් 6ක් ඇතුළුව දිවයිනේ බන්ධනාගාර කිහිපයකින් මේ 197 දෙනා නිදහස ලබයි.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරනු ලබයි.