― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොල්ලුපිටියේදී ජර්මන් තරුණියක් මත්කර දූෂණය කරයි

කොල්ලුපිටියේදී ජර්මන් තරුණියක් මත්කර දූෂණය කරයි

කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක් මත්කර දූෂණය කර ඇති බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට ජර්මන් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇත.

සැකකාර ව්‍යාපාරිකයා වසර 06ක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බවත් ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයෙක් වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා මෙරටට පැමිණ ඇති ඇය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා සමග නුවර ප්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය අවධාර්ණය කරයි.

පසුගිය 06 වැනිදා මෙරටින් පිටව යාමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 04 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇත. ඉන්පසු දෙදෙනාම එදින රාත්‍රියේ සමාජශාලාවකට ගොස් ඇති අතර පසුදා අලුයම වනතෙක් එහි රැඳී සිටිමින් මත්පැන් පානය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තරුණියගේ ක්‍රෙඩිට් කාඩ් පත එම අවස්ථාවේදී අස්ථානගතවී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී තිබේ. අනතුරුව තරුණිය පමණක් ත්‍රීරෝද රථයකින් ඇය නැවතී සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ තිබේ.

එහිදී ඇය මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේදී හෝ රාත්‍රී සමාජශාලාවේදී මත්වීමට යමක් දෙන්නට ඇති බව මෙම ජර්මන් ජාතික තරුණිය පොලීසියට පවසා තිබේ. තමන් නැවතී සිටි හෝටලයේදී නින්දෙන් අවදි වනවිට තමාට දූෂණයක් සිදුවී ඇති බව අනාවරණය වී ඇති බව පවසමින් සොයාගත් සාක්ෂිද රැගෙන ඇය පොලීසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.