― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසිසුන්ට සහනයක් වුනු මහපොළත් මංකොල්ල කන්න යන්නේ

සිසුන්ට සහනයක් වුනු මහපොළත් මංකොල්ල කන්න යන්නේ

මහපොළ ශිෂ්‍යත්ව  අරමුදල මංකොල්ල කන්න යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 9 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය .

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයේ පාර්ලිමේන්තුව සම්මත කළා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව  භාර අරමුදල  සංශෝධන පනත. ඔවුන් මූලික වෙනස්කම් කිහිපයක් කළා එක වෙනසක් තමයි
 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත සංශෝධනය කිරීම. මේකේ නම වෙනස් කළා.
 මේක නමට ලලිත් ඇතුලත්මුදලි කියලා නම ඇතුල් කළා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඇ විල්ල කෑගහන්නේ ලලිත් ඇතුලත්මුදලි  නම දාපු එක තමයි කරේ කියලා
 ලලිත් ඇතුලත්මුදලි නම දාන එක පැත්තකින් තියමුකෝ. මහපොළ භාරකාර අරමුදල කියන එක 1981 අංක 66 දරන මහපොළ භාරකාර අරමුදල් පනතින් මේක ගෙනාවා.
 ගෙවිච්ච අවුරුදු හතළිහක විතර කාල සීමාව ගත්තට පස්සේ මේ ගෙවිච්ච කාලය ඇතුළේ ශිෂ්‍යයෝ තුන් ලක්ෂ විසි හතර දහස් එකසිය   තිස්‌ හත්දෙනෙකුට රුපියල්   මිලියන දාහත් දාස්  පන්සිය දාසයක ශිෂ්‍යත්ව ගෙවලා තියෙනවා මේ අරමුදල හරහා.
 දැනට මේකේ වත්කම තියෙනවා රුපියල් බිලියන 12 ක්‌. ඒ කියන්නෙ රුපියල් කෝටි 1200 ක වත්කමක් තියෙනවා.
 අර්ථසාධක අරමුදල මංකොල්ල කනවා වගේ මේකත් මංකොල්ල කන්න ද මේ පාර කපන්නේ කියන පැහැදිලි ප්‍රශ්නය එනවා.
 මේ පනත් කෙටුම්පතේ 4 එක දෙක ආ කියන වගන්තිය සඳහන් වෙනවා මණ්ඩලයේ සභාපතිවරයා විය යුත්තේ ජනාධිපතිවරයා විසින් අවුරුදු තුනක කාලයක් සඳහා පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරුන්.
 මේ කරලා තියෙන ප්‍රධාන වෙනස්කමක් ඒක මෙච්චර කල් මහපොළ භාරකාර අරමුදලෙහි සභාපති වරයා ලෙස හිටියේ අග්‍ර විනිශ්චකාරවරයා.
 අග්‍ර විනිශ්චකාරවරයා නිල බලයෙන් තමයි ඒකට පත්වුණේ.
 ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත් වුණා.
 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත් වුණා වෙලද අමාත්‍යාංශයේ ලේකම් වරයා නිල බලයෙන් පත් වුණා.
 මහපොළ භාරකාර අරමුදල සතු දේපලක් විදිහට තියෙන ස්ලිට් එක  මාලබේ ස්ලිට් එක ඒක පුද්ගලික හිමිකාරීත්වය ක ට පැවරුවා කියලා ඒක සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් කළේ එවකට අගවිනිසුරුවරයා ව සිටී ශ්‍රී පවන් මහත්මයාගෙන්.
 දැන් ඒක වෙනස් කරලා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පත් කරනවා කිව්වට පස්සේ අගවිනිසුරුවරු ලංකාවට ඉන්න එක්කෙනයි එක විටෙක, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා.
 ඒ අය අතරින් එක්කෙනෙක් තෝරගන්නේ කොහොමද. මේ පනතේ සඳහන් වෙනවා ජනාධිපති තමයි එයාව තෝරගන්නෙ.
 එතකොට මේකේ තියෙන ස්වාධීනත්වය නැති වෙලා ඒකට දේශපාලන අතපෙවීම් ස්ථිර වශයෙන් එනවා.

 සභාපතිවරයා ජනාධිපතිවරයා විසින් හසුරුවන රූකඩයක් බවට පත් වෙනවා.

 මේ මොහොත වෙනකොට ශිෂ්‍යයෝ පහළොස් දාහක් විතර මේක හරහා ප්‍රතිලාභ ලබනවා. අර ඊපීඑෆ් එක ඊටීඑෆ් එක කොල්ල කන්න හදනවා වගේ මහපොළ භාරකාර අරමුදල කොල්ලකන්න ද හදන්නේ කියන ඉතාම පැහැදිලි සාධාරණ සැකයක් මතුවෙනවා.
 ශිෂ්‍යාධාර වැඩි කරන්න කියලා ශිෂ්‍යයෝ ඉල්ලන වෙලාව, මහපොළ භාරකාර අරමුදලෙහි සල්ලි දාලා පෞද්ගලික අධ්‍යාපන ආයතන හදනවා. උදාහරණ තමයි මාලඹේ ස්ලිට් එක.
 මාලබේ     ස්ලිට්එ ක හදද්දි රුපියල් මිලියන 412 මහපොළ භාරකාර අරමුදලෙන් අරගෙන තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හැදුවේ.
 රජයේ මුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල හැදීම ආරම්භ කළේ මහපොළ භාරකාර අරමුදලෙන්.
 දැන් කියනවා කැබිනට් අනුමැතිය ලැබුනා කියලා ස්ලිට්එ ක මහපොළ භාරකාර අරමුදලට පවර ගන්න.
 බන්දුල ගුණවර්ධන ඇවිල්ල කියන්නේ මේකේ ලාභය මහපොළට ගන්නවා කියලා.
 මෙතන ප්‍රශ්නය ලාභය මහපොළට ගන්න එක නෙමෙයි.
 අධ්‍යාපනය ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමයි මහජන අරමුදල් වියදම් කිරීමයි ප්‍රශ්නය.
 දැන් මහපොළ  අරමුදල මංකොල්ල කන උත්සාහයක් දියත් වෙමින් තියෙනවා  .
 ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වා අපි අත උස්සන්නේ මේවා කියවන්නේ නැතුව කියලා. මේ අණ පනත් කියවන්නෙත් නැතුව අත උස්සන මුග්ධයෝ රැළක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
 හැමදාම කන පරිප්පු තමයි මේ කන්නේ වෙනසකට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ඒකට නිවිති ටිකක් දාලා තියෙනවා.
 දැන් පරිප්පු වැඩිපුර කන්න වෙලා තියෙනවා නිවිති ත් එක්ක. මේක ආණ්ඩු මාරු කරලා විසඳන්න බෑ .
 පාර්ලිමේන්තුව ඇතුළේ මාලිගාවේ කුමන්ත්‍රණ කරලා මේක වෙනස් කරන්න බෑ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකරනවා මේ පනත් වලට අත් උස්සන්න එපා ඒවා සම්මත වෙන්න ඉඩ අරින්න එපා.

 ඒව සම්මත වෙන්න ඉඩ අරිනව නම් ගමට ආවට පස්සේ ජනතාව ඕගොල්ලෝ ගැන බලා ගනියි. දැන් සම්මත කරපු මහපොළ භාරකාර අරමුදල් පනත ජනාධිපති ගේ රූකඩයක් බවට පත් කරන්න යන එක ගැන ඉතාම දැඩි අවධානයෙන් අපි ඉන්නවා. මේකට අත තියන්න යන පළමු මොහොතේදීම මේකට එරෙහිව නැගී සිටීමක් කරනවා.