ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඊට අදාළ ක්රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බව එහි සභාපති ජනක රත්නායක ප්රකාශ කළේය.
ඉන්ධනවල පවතින හිිඟයත්, ජලාශවල ජල මට්ටම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් ඉදිරි මාස 03 සදහා විදුලිබලය කළමණාකරණය කිරීමට නිසි ක්රමවේදයක් හඳුන්වා දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.