― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමාධ්‍යවේදී සහෝදරවරුනි ඔබේ ගෞරවනීය වෘත්තියට මේ අත තියලා තියෙන්නෙ

මාධ්‍යවේදී සහෝදරවරුනි ඔබේ ගෞරවනීය වෘත්තියට මේ අත තියලා තියෙන්නෙ

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කල මැර ප්‍රහාරය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි.
අද 15 දින පැවති මාධ්‍ය හමුවකදී වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මේ බව පැවසීය.

මාධ්‍ය හමුව සදහා වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සමාජිකයින් වන ජගත් ජානක, මලින්ද , ශක්ති සහ කෝෂිලා හංසමාලි සම්බන්ධ විය.

වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

ඊයේ දවසේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට යම්කිසි පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කරා ඊයේ පාන්දර ඒ සිදුවීම සිද්ධ වුණේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සියල්ලගෙන්ම මේක විකාශය කරලා තිබුණා.
 වෙනසක තාරුන්‍ය සංවිධානය විදිහට මේ මැර ප්‍රහාරය තරයේ හෙළා දකිනවා ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා ඒක ඉතාම නින්දිත තුච්ච ප්‍රහාරයක්.
 මේ ප්‍රහාරය එල්ල වෙන්නේ රූපවාහිනී නාළිකා කීපයකම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරපු අදටත් කටයුතු කරන පුද්ගලයෙක් ඉලක්ක කරගෙන. මේ මැර ප්‍රහාරයට එන පුද්ගලයින් පැහැදිලිව දන්නවා මේක මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියක් කියලා.
 මේක බොහොම සැලසුම් සහගතව කරපු ප්‍රහාරයක් කියන එක මම හිතන්නේ විවාදයක් නෑ.

මේ ප්‍රහාරයට එන පුද්ගලයින් හඳුනා ගැනීමට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු බියක් නැහැයි කියන එක කවුරුහරි ඉන්නවා කියන එකත් හරිම පැහැදිලි කාරණයක්.
 කවුරුහරි හිතනවනම් මේක සරල කාට හරි ගහන්න හිතිලා ඇවිල්ල කරපු දෙයක් කියලා අපි හිතනවා ඒක එහෙම සරල දෙයක් නෙමෙයි කියලා.
 රටේ දන්න කියන චරිතයකට මෙහෙම ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ ප්‍රචාරයක් හම්බවෙනවා කියලා දන්නවා. සමහර විට ඔවුන්ව අහුවෙන්න පුලුවන් කියන එකත් දැනගෙන තමයි එන්නේ.
 ඒ තරම් නොබියව එන්න මේක පිටිපස්සේ යම්කිසි බලගතු කෙනෙක් නැත්නම් කණ්ඩායමක් නැත්නම් යම් කිසි සංවිධානයක් සම්බන්ධයි කියන එක අපි කාටවත් විවාදයක් නෑ.
 ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අගමැති ඉන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා. බොරු කියපු යහපාලන ආණ්ඩුවට කලින් හිටියේ වත්මන් අගමැතිවරයා තමයි ජනාධිපති වෙලා හිටියෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒ කාලේ ආරක්ෂක ලේකම් හිටියේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.
 දැන් මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද. පහුගිය කාල සීමාවේ මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු සම්මන්ත්‍රණයකට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා.
 ඒ වගේම තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදහස් දැක්වීම් කරපු තමන්ගේ නිදහස් අදහස් සමාජ මාධ්‍යට මුදා හැරපු බොහෝ දෙනෙක්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිරගත කරන්න ආණ්ඩුව කටයුතු කළා.
 පහුගිය කාලේ වසංගතය පාවිච්චි කරමින් මේ අදහස් දැක්වීම් කරපු තමන්ගේ ප්‍රකාශනයේ නිදහස පාවිච්චි කරපු බොහෝ දෙනෙක් වසංගතය පාවිච්චි කරලා අත්අඩංගුවට ගැනීම් කරන්න සිරගත කිරීම් කරන්න කටයුතු කළා.
 පහුගිය කාලේ ඇතිවෙච්ච ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා තියපු අය සමාජ මාධ්‍ය වල තමන්ගේ අදහස් දක්වපු අය මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරපු අයව සීඅයිඩී එක ඇවිල්ලා වැරදි කාරයෝ විදියට කුදලගෙන යනවා අපි දැක්කා.
 මෙහෙම සිදුවීම් ගණනාවක් වාර්තා වෙද්දී, මේ සිදුවීම් සාධාරණීකරණය කිරීම සඳහා කටයුතු කරන ආණ්ඩුවේ පිරිසක් ඉන්නවා.
 මාධ්‍යවේදියෙකුට පහර දෙනවා මාධ්‍යවේදියෙකුගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වෙනවා ඒ හා සමාන සිද්ධීන් කීපයක් පහුගිය කාලයේ අපට එක දිගට වාර්තා වෙනවා.
 පහුගිය කාලයේ ක්‍රියාත්මක වෙච්ච වෘත්තීය අරගල වලට අදාලව ගත්තට පස්සේ ඒවට ගහන්න ඕන ඒව මර්දනය කරන්න ඕනා කියලා ප්‍රකාශ නිකුත් කිරීමක් ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙනවා.
 ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් ඒවා පසුපෙළ මන්ත්‍රීවරු ඒවා ඒවා අපට අදාළ නෑ. නමුත් අපි දැක්කා ඒ ප්‍රකාශ කරන්නේ නිල ප්‍රකාශ විදිහට.
 තමන්ගේ පක්ෂයේ නිල බැනර් එක පිටිපස්සෙ තියාගෙන එහෙම නැතිනම් පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන තමයි මෙවැනි ප්‍රකාශ පහුගිය කාලේ නිකුත්වුනේ

 මේවා සාධාරණීකරණය කිරීම සඳහා වන ප්‍රකාශයන් බරපතළ වෙන්නේ කොහොමද කියලා අපි ගත්තොත් එහෙම පහුගිය කාලේ අපි දන්නවා ගුරු අරගලය තිබුණා.
 ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන සරත් වීරසේකර ඇමැතිවරයා ගුරුවරුන්ගේ අරගලය දැක්කේ තිස් අවුරුදු යුද්ධයේ අනිත් පැත්තේ හිටපු අය කියලා තමයි එයා කිව්වේ.

 යුද්ධය කරපු විදියට මේක මර්දනය කරන්න ඕනා කියලා සරත් වීරසේකර ඇමතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා.
 චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාගේ නිවසට ප්‍රහාරය එල්ල උනාට පස්සේ සරත් වීරසේකර ඇමතිවරයාගේ පුත්‍රයා සමාජ මාධ්‍ය වල තියෙන සටහනක් මේ වෙද්දි සංසරණය වෙනවා.
 ඔහු කියනවා ගල් සහ අසූචි වලට අවමන් කරපු අය හෙළා දකිනවා ලු
 ඒ ප්‍රකාශය ඇතුළෙ තියෙන මොකක්ද කියලා අපි පොඩ්ඩක් සියුම්ව කල්පනා කරලා බලන්න. වක්‍රාකාරව මේ ප්‍රහාරය අනුමත කිරීමක් තමයි කරලා තියෙන්නේ.
 ජනාධිපතිවරයාට පහුගිය කාලේ උපදෙස් දෙනවා අපි දැක්කා හිට්ලර් කෙනෙක් වගේ වෙන්න. හිට්ලර් කෙනෙක් වගේ වෙලා මේවා මර්දනය කරන්න කියලා උපදෙස් ප්‍රසිද්ධියේ දෙනවා අපි දැක්කා.
 දැන් ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය වැඩ වර්ජනය සහ අනෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කරන්න  පොලු ගන්න කාලය ඇවිල්ලා තියෙන්නෙ කියලා රජයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා අපිට පහුගිය කාලේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් වලින් පුවත්පත්වලින් මේ සියල්ලෙන්ම අපිට දකින්න හම්බ වුණා.
 මේක පිටිපස්සෙ තියෙන කතාව මොකක්ද
, මෙවැනි ප්‍රහාර සාමාන්‍යකරණය  කරමින් යනවා.
 ඒ කියන්නේ මෙවැනි ප්‍රහාර එල්ල වෙන්නේ ආණ්ඩුව විවේචනය කරන අයට. මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් අවුරුදු හයක් හතක් ඇතුළත මාධ්‍යවේදීන් හතලිස් ගානක් එක්කෝ අතුරුදහන් වෙලා තියෙනවා එක්කෝ ඝාතනයට ලක් වෙලා තියෙනවා.
 මේවා මේ අපි කියන තොරතුරු නෙමෙයි මේවා ප්‍රසිද්ධ මාධ්‍ය වල වෙබ් අඩවිවල පළ වෙලා තියෙන නම් ගම් සහිත තොරතුරු.

 මාධ්‍යවේදීන් 43 ක ප්‍රමාණයක්  අයියා මලෝ තමන්ගේ බලය තිබුණු පහුගිය කාලයේ දී  මේ පිරිසඅතුරුදහන් කිරීම් වලට හෝ ඝාතනය කිරීම් වලට ලක් කරලා තියෙනවා.
 අපිත් දන්න ටිකක් තමයි ධර්මරත්නම් සිවරාම් කියන ජේෂ්ඨ මාධ්‍යවේදියා ව ඔහුව 2005 අවුරුද්දේදී ඝාතනයට ලක් වෙනවා.
 ලසන්ත වික්‍රමතුංග ව 2009 දී ඝාතනයට ලක් වෙනවා.
 2010 දී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ව අතුරුදහන් වෙනවා, අදටත් ඔහු පිළිබඳ තොරතුරක් නෑ. සිරස රූපවාහිනී ආයතනයට අවස්ථා දෙකකදී පහරදීම් සිද්ධවෙනවා.
 යාපනයේ තියෙන උදයන් පුවත්පතේ කාර්‍යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ අපි දන්නා අපි කියපු ටිකක් විතරයි.
 කී ත් නොයාර්, පෝද්දල ජයන්ත මාධ්‍යවේදීන්ට මරණාසන්න තුවාල සිද්ධ වෙන ප්‍රහාරයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා.
 අපේ රටේ හිටපු ආණ්ඩුව විවේචනය කරපු පාලකයෝ විවේචනය කරපු ඒ ඇත්ත එලියට දාපු මාධ්‍යවේදීන්ට රටින් පිටවෙලා ඉන්න සිද්ධ වෙච්ච කාලයක් තමයි මේ අයියා මලෝ ජනාධිපති ආරක්ෂක ලේකම් ඉද්දි ගතකරන්න සිද්ධ වෙච්ච කාලවකවානුව කියලා කියන්නේ.
 අපි තව එක උදාහරණයක් කියන්නම් ඒ තමයි ඒ තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන් විදියට හිටපු ලලිත් කුගන් සහෝදරවරු දෙන්නව 2011 දෙසැම්බර් මාසේ දහ වෙනිදා රාත්‍රියේ අතුරුදහන් වෙනවා උතුරේ දේශපාලන කටයුතුවල නිරත වෙලා ඉද්දි.
 මේ සම්බන්ධයෙන් 2011 දෙසැම්බර් මාසේ පහළොස් වෙනිදා කෙහෙළිය රඹුක්වැල්ල එවකට කැබිනට් ප්‍රකාශක, ප්‍රකාශයක් කරනවා මාධ්‍යවේදීන් අහද්දි ලලිත් කුහන් දෙන්න අතුරුදහන් ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නෙ කියලා අහද්දී ඔහු කියනවා මේ දෙන්න අතුරුදහන් නෑ මේ දෙන්න අත්අඩංගුවට පත් වෙලා තියෙනවා ඒ නිසා ඒගොල්ලො එයි කලබල වෙන්න එපා කියලා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ගේ උත්තරය බවට පත්වුණේ.
 මේ උත්තරේ පදනම් කරගෙන හබයාස් කෝපුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනවා, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ මේක විභාග කරන්න දැම්මට පස්සේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ගිහිල්ලා මේකේ සාක්ෂි දෙනවා.
 ඔහු කියන්නේ ඔහු එම ප්‍රකාශය කළේ ආරක්ෂක අමාත්‍යාංශය දීපු තොරතුරු මත කියලා.
 ආරක්ෂක අමාත්‍යාංශයේ කවුද ඒක කිව්වේ කිව්වට පස්සේ ඔහු දෙන පිළිතුර තමයි ආරක්ෂක ලේකම්වරයා තහවුරු කරපු තොරතුරු තමයි ඔහු නිකුත් කළේ කියලා. 2011 ආරක්ෂක ලේකම් හිටියේ කවුද
 ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා.
 ඔහුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි සඳහා කැඳවනවා හැබැයි අද වනතුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔහුගේ නීතිඥයන් කිව්වා එක වෙලාවක අසනීප වෙලා කියලා එක වෙලාවක රට ගිහිල්ලා ඉන්නේ කියලා කිව්වා අභියාචනාධිකරණයේ නියෝගයක් ගත්තා ඔහුට ජීවිත තර්ජන තියෙනවා කියලා උතුරේ සංචාරය කරන එක හින්දා ඒ නිසා මේ නඩුවට පෙනී සිටින්න බැහැ කියලා.
 හැබැයි ඡන්ද රැස්වීම් වලට උතුරේ ගියා. ඊට පස්සේ කියනවා දැන් ඔහු ජනාධිපති ඒක නිසා උසාවියට එන්න බෑ කියලා. අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තියෙන තොරතුරු වසන් කරනවා.
 මාධ්‍යවේදීන් පමණක් නෙමෙයි දේශපාලන ක්‍රියාධරයන් සිවිල් ක්‍රියාකාරිකයින් අතුරුදහන්වීම් ඝාතනයට ලක්වීම විශාල ප්‍රමාණයක් සිද්ධවෙලා තියෙන මොහොතක ඒ කිසිදු එකකට යුක්තිය ඉෂ්ට වෙලා නැති වෙලාවක තමයි මේ රටේ මාධ්‍යවේදීන්ට පහුගිය කාලෙත් මෙවැනි අඩම්තේට්ටම් වලට මෙවැනි බාධා කිරීම් වලට මෙවැනි අවහිර කිරීම් වලට මෙවැනි තර්ජනය කිරීම් වලට ලක් වෙන්න සිද්ධ වුණේ.
 වෙබ් අඩවිවල තමන්ගේ  මතය පළ කරපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට සී අ යි ඩී එකට ගිහිල්ලා කට උත්තර දෙන්න සිද්ධ වුණා.
 ඔවුන්ගේ නිවාස ඉතාම නින්දිත විදිහට පරීක්ෂාවට ලක් කලා.
 දැන් ඉන්න ජනාධිපතිට අමුතුවෙන් හිට්ලර් වගේ හැසිරෙන්න දෙයක් නැහැ හැසිරි ච්ච චරිතය තියෙන්නෙ එහෙම තමයි.
 මේවා අතුරුදහන් කිරීම් ද මරල දාල ද තියෙන්නේ මේගොල්ලෝ හොඳටම ඒක දන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තවදුරටත් ඉතුරු වෙච්ච නැති දෙයක් බවට පත් වෙලා.
 මේවා ස්වාධීනව විසඳෙයි කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් අපි කියන්නම් තරුණයින් එකොළොස් දෙනෙක් අතුරුදහන් කිරීමට අදාළ සිදුවීමක සැකකාරයෙක් විදියට හිටියා හිටපු නාවික හමුදාපතිවරයා නීතිපතිවරයා ඔහුට තිබුණ  නඩුවේ චෝදනා  ඉල්ලා අස්කර ගත්තා.
 පොදු දේපළ පනත සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට තිබුණ නඩු මහින්දානන්දඅලුත්ගමගේ ට තිබුණ නඩු ජොන්ස්ටන් ප්‍රනාන්දුට තිබුන නඩු ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිට තිබුන නඩු නිදොස් කොට නිදහස් වෙනවා.
 මෙන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩකරන විදිය.
 ඇත්ත එළි කරන මාධ්‍යවේදීන්ට මේ තත්වය නම් තියෙන්නේ මේ රටේ ජනතාවට කවර තත්ත්වයක් උදා වෙයි ද.
 විදුලිය කපන වෙලාව මොකක්ද කියන එක අපිට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.
 මේවට විරුද්ධව පාරට බහින ජනතාවට මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඉඟියක් තමයි මේ දෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයා තර්ජනය කරා නේ එක වෙලාවක අපිට හොඳට මතකයි මගේ මුහුණු දෙකක් තියෙනවා එක මුහුණක් මම පෙන්නුවෙ නෑ කියලා ප්‍රසිද්ධියේ කිව්වා.
 අපි අහන්නේ මේ වෙන්නේ ඒක නෙමෙයිද
 තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පුන පුනා අවස්ථා ගණනාවක කියනවා, ගුරුවරුන්ගේ අරගලයේ දී ගුරුවරුන්ට උල තියන්න ඕන කියලා කිව්වා සෞඛ්‍ය සේවකයන් අරගල කරද්දී දෙකේ දෙකේ පොලු අරගෙන ගහන්න ඕන කියලා කිව්වා.
 ඒවා ආණ්ඩුවේ ප්‍රකාශ නෙමෙයි නම් ආණ්ඩුවේ ප්‍රධානීන් ඒවා හෙලා දකින්න එපැයි.
 අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ රැස්වීමක් තිබ්බා, අනිත් රැස්වීම් තහනම් කරන්න නියෝග ගන්නවා එක පැත්තකින් උද්ඝෝෂණ මර්දනය කරන්න කටයුතු කරනවා අධිකරණ ඇමැතිවරයා කියනවා හමුදාවට පොලිසියට උද්ඝෝෂණ කරන්න බැරි විදියටම විදුලිය ජලය සෞඛ්‍ය උද්ඝෝෂණය කරන්න බැරි තත්ත්වයට පත් කරන්න ඕන කියලා අධිකරණ ඇමති කියනවා.
 අපි අහන්නේ සරත් වීරසේකර පොලීසිය භාර ඇමති උද්ඝෝෂකයන් ත්‍රස්තවාදයක් විදිහට තමයි දකින්නෙ කියලා පොලීසිය භාර ඇමති කියනවා. පොලිස් ඇමතිගෙ පුතා මාධ්‍යවේදීන්ට ගහපු එක සාධාරණීයකරණය කරලා ප්‍රකාශ නිකුත් කරනවා පොලිස් ඇමතිගෙ පුතා.
 ආණ්ඩුවේ මැති ඇමතිවරු ඊයෙ චමුදිත සමරවික්‍රම මහතාගේ ගෙදරට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙළනවා. මේකෙ කිඹුල් කඳුළු හෙළන්න දෙයක් නෑනෙ අපි කියන්නම් මේකේ ලයිස්තු පිටින්.
 අපි අහනව ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පරීක්ෂණයට මොකද උනේ. එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධ පරීක්ෂණයට මොකද උනේ
 අර සිවරාම් ඝාතනය කරපු එකේ නඩු වලට මොකද උනේ උතුරේ මාධ්‍යවේදීන් මාධ්‍යවේදිනියන් කීදෙනෙක් මේ වන විට ඝාතනයට ලක් වෙලා තියෙනවද.
 ලලිත් කුහන් නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සාක්ෂි දෙන්න බැරි ප්‍රශ්නය කුමක්ද අපි අහනවා. ජනක බණ්ඩාර ඒකනායක සිසිත ප්‍රියංකර සහෝදරවරු දෙන්නව ඉඹුල්ගොඩ හන්දිය දී 2012 විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක් මහ පාරේ මරලා දැම්මා.
 ඒ නඩු වලට මොකද වෙලා තියෙන්නෙ කියලා අපි අහනවා. ඒ ඝාතනයන් සිද්ධ වුණේ වෙන කවුරුත් ඉන්න කාලේ නෙමෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්

 මේවා අතර සම්බන්ධයක් නැහැ කියල කවුරු හරි කියනවද
 ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව හිටපු ආණ්ඩු එහෙම තමයි මේ ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.
 මේ යන්නේ හොඳ ගමනක් නෙමෙයි. මේ තිස්ස කුට්ටිආරච්චි ලගෙ මුවින් පිට වෙන්නේ ඒ  නරුම කම තමයි . ඒ නරුම කමේ ගඳ තමයි අර එස් බී දිසානායක වගේ වාචාලයන් ගේ කටවල් වලින් පිට වෙන්නේ ඒ නරුම ක මේ ගඳ තමයි සරත් වීරසේකර ල වගේ අයගෙන් පිටවෙන්නේ. එයාලගේ පුතාලගෙ කටවල් වලින් පිට වෙන්නේ ඒ නරුම කමේ ගඳ

 ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ අත තියන්නේ. ඊළඟට මේ ජනතාවට අත තියෙන කාලය වැඩි ඈතක නෙමෙයි.
 ගෑස් පෝලිම තාම ඉවර නෑ කිරිපිටි පෝලින් තවම ඉවර නෑ.
 තෙල් ගහන්න පෝලිම තාම ඉවර නෑ.
 තෙල් බාල වෙලා තමන්ගේ වාහනය අතරමග කැඩෙන දිනය වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ.
 විදුලිය නැතුව ජීවත් වෙන්න වෙන කාලය ලොකු ඈතක නෙමෙයි තියෙන්නේ.
 ජනතාව පීඩාවට පත් වෙන කාලය වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ.
 මේ ප්‍රශ්නය ගොංපාට් කරන්න දෙන්න බෑ තිස්ස කුට්ටිආරච්චි වගේ කුක්කන්ට. ඒ කුක්කෝ බුරන ඒවට අපි බය වෙන්නේ නෑ.
 මේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව අපි හිටගන්න ලෑස්ති යි.
 තමන්ගේ පුතා මැරිල ද නැද්ද කියලා කියන්න කියලා උතුරේ අම්මලා දහස් ගාණක් සත්‍යග්‍රහ වල ඉන්නවා.
 දකුණේ අම්මලාට ඒ ප්‍රශ්නය නැද්ද.
 ආරක්ෂක අංශ පැයෙන් අල්ලන ඒවත් තියනවා. තත්පරෙන් ගිහිල්ලා ඊළඟ මොහොතේ අල්ලන ඒවත් තියනවා ආණ්ඩුව විවේචනය කරන ඒවා නිදහස් චතුරස්‍රයේ වෙඩි තියාගත්ත ඒවා අද වෙනකල් නෑ.
 අද වෙනකන් ඒ වල සීසීටීවී දර්ශන නෑ ඒ වලට එන අය එන්නේ සීසීටීවී තියෙනවා කියලා දැනගෙන. ඊයෙ අපිට හොඳටම පැහැදිලියි ඒ පුද්ගලයින්  සීසීටීවී නෑ කියලා දැනගෙනද එ න්නෙ
 සීසීටීවී නෑ අපි යං කියලාද එ න්නේ.. සීසීටීවී තියෙනවා කියන එකට සූදානමින් එන්නෙ.
 පොලිසිය අත් අඩංගුවට ගත්තු සමහර සැකකරුවන් මහ මඟ ඝාතනය කරද්දී සමහරු කිව්වා හොඳයි එහෙම හරි උන්ව ඉවර කරන්න ඕන කියලා.
 අපි මේ රටේ ජනතාවට කියනවා ඡන්දේ දුන්නේ කාටද කියන එක හිතන්න එපා මේ අසූචි ප්‍රහාරය ගැහුවෙ ඔබට මේ ගල්මුල් ප්‍රහාරය ගැහුවෙ ඔබට.
 තිස්ස කුට්ටිආරච්චි ට කියන්න ඕනේ දෙකේ දෙකේ පොලු ගන්නෙ  ජනතාව.
 මාධ්‍ය ආයතන ඇතුළට පැනලා ගැහුව මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරලා සිරුරු දාලා ගියා.අදටත් අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදීන් ගැන එක තොරතුරක් හොයාගන්න නෑ.
 මාධ්‍ය ආයතන වල වැඩ කරන මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලනවා බොහොම සහෝදරාත්මක ව මේකට විරුද්ධව පෙනී ඉන්න. මේ අත තියලා තියෙන්නෙ ඔබට ඔබේ ගෞරවනීය වෘත්තියට මේ අත තියලා තියෙන්නෙ.
 අපි මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ට කියනවා මේ වෙනුවෙන් හඬ අවදි කරන්න කාලය ඇවිල්ල තියෙන්නේ. ආණ්ඩුවට කියනවා මේ යන පාර හොඳ පාරක් නෙමෙයි ආණ්ඩුව දැන් අපිට අනතුරු අඟවනවා නේ, අපි කියන්නේ උඹලටත් වෙන්නේ මේක තමයි කියලා
 ජනතා බලය කියන්නේ අසූචිවල බලයට වඩා ගොඩක් ලොකු බලයක් අපි ඉන්නේ ජනතාවත් එක්ක