25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොළය මිය ගියත් නිවුන් දරුවන්ට උපත ලබා දුන් මවක්

මොළය මිය ගියත් නිවුන් දරුවන්ට උපත ලබා දුන් මවක්

බ්‍රසීලියානු ජාතික ගර්භණී කාන්තාවක් වූ ෆ්රෑන්ක්ලීන් ඩා සිල්වා සැම්පෝලි හට පැඩිල්හා මස්තිෂ්ක රක්තපාත තත්ත්වයෙන් ගැබ්ගෙන සති 9 කදී මොළයෙන් ඇය මිය ගියේය.
නමුත් ඒ වන විටත් ඇය ගර්භනී කාන්තාවක් වූ බැවින් දින එකසිය විසිතුනක් ජීවිතයත් සමග සටන් කරමින් තම නූපන් නිවුන් දරුවන්ට ජීවිතය ලබාදීමට ඇය කටයුතු කළා.

ඇගේ මොළය මිය ගියද ශරීරය අනෙකුත් අවයව සම්පූර්ණයෙන්ම ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බැවින් වෛද්‍යවරුන් හට ඇගේ නිවුන් දරුවන් බේරා ගැනීමට හැකිවිය. ඇගේ නිවුන් දරුවන් දෙදෙනා නොමේරු දරුවන් ලෙස උප ලැබූ අතර ඇනා විටෝරියා කිලෝග්‍රෑම් 1.4 ක් සහ අසාෆ් කිලෝග්‍රෑම් 1.3 ක් ලෙස උපත් බර සදහන් විය.
දරුවා බිහිකිරීමෙන් පසු ඇය මියගිය අතර මේ ගැන සංවේදී වූ ඇගේ මව ප්‍රකාශ කර සිටියේ,
“මම මගේ දුව ගැන ආඩම්බර වෙනවා ඇයව අහිමි වීම මට දරාගන්න බැහැ. නමුත් ඇය අවසානයේ දක්වාම වීරවරියක් රණශූරයෙක් ලෙස ජීවිතය සමග සටන් කරමින් ඇගේ ලස්සන නිවුන් දරුවන් මෙලොවට බිහි කරා ඇය ඒ දරුවන්ට ජීවිතය ලබා දුන්නා. ඒ ගැන මට ආඩම්බරයි.” එලෙස ෆ්‍රෑන්කිලන් ඩා සිල්වාගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

copied by facebook