― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුරකථනයෙන් හාද වූ පෙම්වතා පෙම්වතියව කන්දෙන් පහළට තල්ලු කරලා

දුරකථනයෙන් හාද වූ පෙම්වතා පෙම්වතියව කන්දෙන් පහළට තල්ලු කරලා

ජංගම දුරකථන ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු සමග ඇති කරගත් මිතුදමක් මත කාන්තාවක කන්දකට කැටුව ගොස් අනතුරුව ඇයව කොල්ලකා කන්දෙන් පහළ පතලකට තල්ලු කරදැමූ සිද්ධියක් බද්දෙගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
බද්දේගම වතු යායේ

කොටිගලකන්ද කොටසේ ඇවිද ගිය පුද්ගලයන් පිරිසකට එම ප්‍රදේශයේ අතහැර දමන ලද අඩි 40ක් ගැඹුරු මිණිරන් පතලකින් කාන්තාවක් කෙදිරිගාමින් සිටිනු දැක ඇති අතර පසුව පොලීසිය පැමිණි ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව කාන්තාව ගොඩටගෙන වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
පසුව රෝහලේදී ඇයගෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබුනේ ජංගම දුරකථනය ඔස්සේ හදුනාගත් පුද්ගලයෙකු සමග අම්පෙගම කන්ද නැග්ග බවයි.
පසුව එම පුද්ගලයා තමාගේ හැඳුනුම්පත සහ ජංගම දුරකථනය උදුරාගෙන ඒවාට හානි කර තමාට බෝතලයකින් පහරදී පපුවට පයින්පහරක් එල්ල කළ බවත් ඒ සමගම පතලට වැටුණු බවත් ඇය පවසා තිබේ.

ගොඩට ගන්නා අවස්ථාවේ මුහුණෙහි සහ හිසෙහි තුවාල තිබී ඇති අතර බලවත් සේ කම්පනයට පත්ව සිටියාය.
බද්දේගම, හල්පතොට, පෙඩෘ වත්ත පන්සල පාර පදිංචි 40 හැවිරිදි දෙදරු මවක මෙම සිද්ධියට මුහුණපා තිබේ. ජංගම දුරකථනය ඔස්සේ හදුනාගත් පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.