රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ දැවැන්ත මහජන මුදල් නාස්තියක් සිදුවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද 16 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පවසා සිටියා,
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් හා මුදල් අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන වල සිද්ධ වෙන ඉතාම බරපතළ මහජන මුදල් නාස්ති නීතිවිරෝධී ක්‍රියා සහ දූෂණ සම්බන්ධ තොරතුරු එළියට එමින් තියෙනවා.
රක්ෂණ නියාමන කොමිසමේ හත්දෙනෙක් ඉන්නවා. 2010 ඉදලා 2018 දක්වා අවුරුදු 8 ක කාල සීමාවක් ඇතුලෙ මේ කොමිසමේ සභාපතිවරිය විදියට හිටියේ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය එය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ බිරිඳ.
මේ දේශපාලන මැදිහත්වීම් රටේ රාජ්‍ය පාලනයේ ඉහළම ඉන්න නිලධාරියෙක්ගේ බිරිඳ හරහා මේකට කරමින් තිබුණා.
දැනට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට ඉන්න ආටිගල මහත්මයා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් වරයෙක් ව සිටියදී මේ කොමිසමේ නියෝජිතයෙක් විදියට පත් කරලා තිබුණා ඔහුගේ බලපෑම අදටත් සිද්ධ වෙමින් යනවා.
දැනට මේ කොමිසමේ සභාපතිවරයා විදිහට දාල තියෙන්නෙ රාසික් සාරුක් ඔහු මේ ආණ්ඩුවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හිතවාදීව රූකඩයක් විදියට වැඩ කරපු කෙනෙක්.
මේ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් විදිහට පත් කරලා තියෙන්නේ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය. ඇය 2005 දී සහකාර අධ්‍යක්ෂක නීති කියන තනතුරේ හිටියා.
ඊට පස්සෙ ඇය නීති අධ්‍යක්ෂකවරිය බවට පත්වුණා. 2013 සිට මේ දක්වා අවුරුදු නමයක් එක දිගට ඇය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරේ ක්‍රියා කරමින් ඉන්නවා.
බරපතල නීති විරෝධී ක්‍රියා රාශියක් සිද්ධ වෙමින් තියෙනවා මේ කොමිසම විසින් ම පත් කරපු විශේෂ අනු කමිටුවක් මගින් මේ සම්බන්ධ තොරතුරු හොයලා බැලුවා.
ඔවුන් වාර්තාවක් එළි දැක්වූවා. ඒ අනුකමිටුවේ සභාපතිවරයාව ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට අලුතෙන් දාල තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය ලේකම්වරයෙක් වෙන සමන් ප්‍රනාන්දු මහත්මයාව.
ඔහු සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවා ඔහුව මේකට පත් කරේ දේශපාලන මැදිහත්වීම් තවදුරටත් කරන්නද කියලා
මේකේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සහ ඔහු අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා මීට කලින් මේ කොමිෂන් එකේ රැකියාවක් ඉල්ලා ගෙන සමන් ප්‍රනාන්දු මහතාගේ පුතා ඇවිල්ලා ඔහු විදෙස් ගත වුණා.
ඔහු විදෙස් ගත උනාට පස්සෙ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට උපදෙස් ලබා ගන්නවා කියලා දිගටම ඔහුට වැටුප් ගෙවීම සිද්ධ වුණා
දැනට රක්ෂණ ලබාදීමේ මේ මෑතක් වනතුරුම බලය තිබුණේ රක්ෂණ තැරැව්කාර සමාගම් වලට.
බැංකු සහ ලීසිං සමාගම්වලට රක්ෂණ ලබාදීමේ බලය දෙන්න වර්තමාන පාලන අධිකාරිය විසින් අධ්‍යක්ෂකවරිය විසින් දේශපාලන බලාධිකාරිය විසින් කටයුතු කළා.
දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වීමෙන් පසුව ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ඒ ගැසට් නිවේදනය හරහා ලීසින් සමාගම් වලට රක්ෂණ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමේ බලය ලබා දුන්නා.
2019දී ගයිඩ් ලයින් එකක් නිකුත් කළා ඒකට අනුව බැංකු ත් ඒ කට ඇතුළත් කළා. දැන් තියෙන්නෙ බැංකු සහ ලීසිං සමාගම්වලට රක්ෂණ නියෝජිතයන් ලෙස කටයුතු කරන්න පුළුවන්. බැංකු සහ ලීසිං සමාගම් වලට දැන් අවසර දීලා තියෙන ඕනෑම රක්ෂණ සමාගමක නියෝජිතයෙක් ලෙස වැඩ කරන්න.
මේ අනුකමිටු වාර්තාව විසින් මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී මේක කරන්න බෑ කියල ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
බැංකු සහ ලීසිං සමාගම්වලට රක්ෂණය ලබා දීම සඳහා වන අවසරය අවලංගු කරලා තියෙනවා. ඒ රක්ෂණය ලබාදීම අවලංගු කිරීමෙන් පස්සේ දැවැන්ත මූල්‍ය සමාගම් වල හිමිකරුවෝ ධම්මික පෙරේරලා ඉෂාර නානායක්කාර මේගොල්ලෝ ඔක්කො ම ඉතාම බරපතළ මැදිහත් වීමක් කරමින් තියෙනවා ..
ජංගම දුරකථන හරහා රක්ෂණය ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරා ඒ ක සම්පුර්ණයෙන් නීතියට පටහැනි.
උදාහරණයක් විදිහට ඩයලොග් දුරකථන ආයතනය ගත්තොත් ඒ ආයතන දුරකතන හරහා රුපියල් මිලියන 2.4 ක රක්ෂණ ලබා දීලා තියෙනවා.
ඒකෙන් සීයට දෙකයි වන්දි දීලා තියෙනවා කියන්නේ වන්දි දීලා නෑ වගේ තත්ත්වයක් තියෙන්නේ.
මේක වැරදියි කියලා දැන් මේක අත්හි ටවලා තියෙන්නේ. හැබැයි අදටත් දුරකථන සමාගම්වලින් කැමතිද කැමතිද කියල අහල රක්ෂණයන් දෙනවා.
මේකට අදාළ පනත ට අනුව ඕනෑම රක්ෂණ තැරැව්කරුවකු ට අනුමත තැරැව්කාර සංගමයක සාමාජිකත්වය ගන්න ඕනේ.
කොමිසමට බැහැ බලපත්‍රයක් නිකුත් කරන්න මේ විදියට සාමාජිකත්වය අරගෙන නැත්නම්.
මර්කන්ටයිල් ෆෝචුන්ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කියන සමාගම සාමාජිකත්වය ඉල්ලුවා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ඇසෝසියේෂ න්එ කෙන්
ඔවුන් සාමාජිකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළා.
පනතට අනුව මේ කියන සමාගමට බැහැ බලපත්‍රයක් ලබා ගන්න.
දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මැදිහත්වෙලා 2017 අවුරුද්දේදී මේකට අදාළ බලපත්‍රයක් ලබාදීලා තියෙනවා.
ලංකාවෙන් විදේශ විනිමය පිටට යන්න එපා කියන එකට මෙතන ඩෙඟා නටනවා. ප්රතිරක්ෂණ සමාගම් ලෙස ලංකාවේ නීතියටත් පටහැනිව විදේශීය සමාගම් යොදාගන්න මොකක් නිසාද.
මේ කොමිසමේ දැවැන්ත මුදල් නාස්තියක් විදේශ විනිමය නාස්තියක් සහ මහජන මුදල් නාස්තියක්.
මේ කොමිසමේ සේවකයෝ ඉන්නේ 57යි. ඒ 57 ඉන්නේ දැන්. කලින් හිටියෙ හතළිහයි. ඔය හතළිස් දෙනාව හසුරුවන්න මානව සම්පත් කලමනාකරණ උපදේශකවරයෙක් ඕනෙ නෑ.
ඕන මිනිහෙක්ට ඒක තේරෙනවා.. එහෙම තියෙද්දී ජර්මානු ජාතිකයෙක් ව බඳවා ගෙන තියෙනවා මානව සම්පත් කළමනාකරණ උපදේශකවරයා විදියට ඔහුට මසකට ඩොලර් ලක්ෂ 2 ක වැටුපක් ගෙවනවා.
මේ ජර්මානු ජාතිකයාට ලංකාව ඇතුලේ වැඩ කරන්න ලංකාව ඇතුලේ වැඩ කරන්න සේවා බලපත්‍රයක් නෑ. ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ බිස්නස් වීසා එකකින් කියලා තමයි අපි දන්න තොරතුරු වලට අනුව තියෙන්නේ.
පහුගිය දවස් වල නෙදර්ලන්ත ජාතිකයෙක් බඳවා ගෙන තියෙනවා මේ ආයතනයේ සේවයට කියලා. ඔහු ලංකාවෙ නෑ ඔහු ඉන්න නෙදර්ලන්තෙ. ඔහුගෙන් ඔන්ලයින් සේවා ලබා ගන්නවා කියලා ඩොලර් ලක්ෂ හතර ගානේ වැටුප් ගෙවනවා.
ළමයෙක් ඉගෙනගන්න පිටරට යනවා ඒකෙන් තමයි මේ විදේශ විනිමය නාස්ති වෙන්නේ කියලා මෙතැන ඩෙඟා නටන කට්ටිය ජනාධිපතිවරයා කතා කළොත් කියන්න ඒක. අද රෑ ජනාධිපතිවරයා ජාතිය අමතද්දී කියයිද දන්නේ නෑ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරන්න ඕන කියලා.
මේක වැරදියි කියලා වාර්තාවක් ආවට පස්සෙ වාර්තාව හදපු කමිටුවේ සභාපතිවරයාව අස්කරනවා.
මේ පනත ඉතාම බරපතළ ලෙස ස්ථාන ගණනාවකදී උල්ලංඝනය කරලා තියෙනවා.
ලෝක බැංකුවේ උපදේශකවරයෙක් මැදිහත්වෙලා ඒ කමිටුවේ වාර්තාවක් තියෙනවා මේ කොමිසමේ ඉහළ පෙළ නිලධාරීන් ඒ තනතුරු වලට සුදුසු නෑ කියලා.
රක්ෂණ නියාමන කොමිසමේ කාර්යාලය අතිවිශාල බිම් කුලියක් ගෙවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගෙනිච්චේ ඇයි.
මේවාට අදාළ සම්පූර්ණ දේශපාලන අනුග්‍රහය ලබා දෙමින් ඉන්නවා මුදල් අමාත්‍යවරයා.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සෘජුව මේවා මෙහෙයවන්න මැදිහත් වෙනවා.
ලංකාවේ පුරවැසිභාවය වත් හරියට ස්ථාවර වෙලා නැති කෙනෙක් මුදල් ඇමැති වුණාට පස්සේ මේ ව පුදුමයක් නෙමෙයි.
ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුව තියෙනවා.