― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනාධිපතිවරයා ගේ ජාතිය අමතා කළ කතාවේ සංශිප්තය - මගේ අමුඩේ...

ජනාධිපතිවරයා ගේ ජාතිය අමතා කළ කතාවේ සංශිප්තය – මගේ අමුඩේ කවුද කැත කලේ ?

ජනාධිපතිවරයා ගේ ජාතිය අමතා කළ කතාව සංශිප්ත කළොත් ඒකේ එතුමා අහන්නේ මගේ අමුඩේ කවුද කැත කලේ කියලා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ජනාධිපතිවරයාගේ ජාතිය අමතන ප්‍රකාශයක් කරා විනාඩි 12ක 13ක විතර ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපතිවරයා ඊයේ ජාතිය ඇමතුවේ මොකටද කියලා හරියට පැහැදිලි කිරීමක් නැහැ. ජාතිය අමතන වෙලාවක ජනාධිපතිවරයෙක් මේ තියෙන අර්බුදය සම්බන්ධයෙන් අර්බුදයෙන් ගොඩ එන්න තියෙන විදිය සම්බන්ධයෙන් මොනව හරි කරුණක් කියන්න ඕන. ඒ කිසිම දෙයක් කිව්වේ නෑ. ඇත්තටම සැකයක් තියෙනවා ලංකාවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ ලංකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන එක පෙන්නන්න ද කියලා. දැනටමත් ලංකාවට ජනාධිපතිවරයෙක් නෑ වගේ තමයි තියෙන්නේ මිනිස්සු ගෑස් පෝලිම්වල ඩීසල් පෝලිම් වල කිරිපිටි පෝලිම් වල ඒ කිසිම දෙයක් නැති තත්ත්වයක් ඇතිවෙලා සිමෙන්ති රුපියල් දෙදහට ගිහිල්ලා තියෙනවා ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට වැටෙද්දී ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න ද දන්නෙ නෑ ජාතිය ඇමතුවේ ජාතිය අමතන අවස්ථාවේදී ජනාධිපතිවරයා කරපු ප්‍රකාශන සම්බන්ධව අපි හිතනවා ඉතාම බැරෑරුම් ම හිතන්න ඕනේ එකක් ඔහු කිව්වා මේකේ වගකීම ඔහුට තනිවම බාර ගන්න බෑ ඔහු නිසා නෙමෙයි මේ අර්බුදය ඇතිවුණේ කියලා ඕක ඕන කෙනෙකුට කියන්න පුළුවන්
 හැ බැයි දැන් රටකට දේශපාලන නායකත්වයක් දෙන්න භාර ගත්තා නම් දේශපාලන නායකත්වය කියන්නේ කවුරු අර්බුද හැදුවත් ඒ අර්බුද විසඳන්න මැදිහත් වෙන එක එහෙම කියලා නේ බලය ගත්තේ.
 අනිත් එක දැන් විශාල බලයක් විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය විධායක ජනාධිපතිවරයාට අවසානයේ දී පාර්ලිමේන්තුව සතු බලය සැලකිය යුතු මට්ටමකින් ගොනුකරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මේ ඔක්කොම බල තල එකතු කරගෙන මට මේකට කරන්න දෙයක් නෑ කියල කිව්වට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක්.
 වෙනසක් තියෙනවා කලින් ජනාධිපතිවරයා කිව්වේ මම තමයි හොඳටම කළේ කියලා. දැන්  කියන්නේ මම මොකුත් කළේ නෑ කියලා. මේ අර්බුදය මගේ එකක් නෙමෙයි කියලා. ඕව කියන්නේ පුංචි ළමයි සාමාන්‍යයෙන් ගෙදර මොකක් හරි නරක වැඩක් කරාට පස්සේ පොඩි ළමයි කියනවා මම නෙමෙයි කළේ අයියා කලේ මම නෙමෙයි කලේ නංගි කළේ කියලා කියනවා ඒ වගේ එකක් තමයි ජනාධිපතිවරයා ඇවිල්ල කියන්නේ.
 ඊයේ ජනාධිපතිවරයා ගේ විනාඩි 10 12 ජාතිය අමතා කළ  කතාව සංශිප්ත කළොත් ඒකේ එතුමා අහන්නේ මගේ අමුඩේ කවුද කැත කලේ කියලා නේ. ඕක අහන්න පුළුවන්ද ජනාධිපති කෙනෙක්ට ඇවිල්ලා.
 ඔහු ජනතාවට කියනවා පටි තද කරගන්න විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කවුද එහෙම ඒව නාස්ති කරල තියෙන්නෙ.
 මිනිස්සු අවම වශයෙන් තමයි ඒවා පාවිච්චි කරන්නේ. මිනිස්සු ගෙවල් වල නිවන පත්තුවෙන ලයිට් දාගෙන තොරන් වගේ ඉන්නවද ගෙවල්වල. ජනතාවගේ කාටවත් ඔය කෝටි එකහමාරේ ඇමතිවරුන්ට වගේ ලයිට් බිල ඇවිල්ල නෑනේ.
 මිනිස්සුන්ට මීට වඩා පටි තද කරගන්න කියද්දී එහෙම එකක් කරන්න බැහැ. ජනාධිපතිවරයා නිශ්චිතව කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා. මූල්‍ය අරමුදලට යන කතාව අවසානයේදී කෙළවර වෙන්නේ කොහෙන්ද කියන එක හරි පැහැදිලියි.

 මුල් වටයේදී මූල්‍ය අරමුදලට ගියාටත් වඩා විශාල හානියක් දැන් ගිහාම වෙන්න පුළුවන්. දැන් ලංකාව විශාල වශයෙන් ආර්ථික බිඳ වැටීමකට ලක් වෙලා තියෙන්නෙ. දැන් ලංකාව පැත්තෙන් කේ වල් කරන්න බෑ මූල්‍ය අරමුදල කියන සියලු දේට එකඟ වෙන්න වෙනවා.
 මීට කලින් 2016 යහපාලන ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ණයක් ගත්ත වෙලාවේ ඒ ණය සඳහා ඔවුන් දැම්ම කොන්දේසි ඒ කොන්දේසිවල තිබුණා රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා සමාජ ආරක්ෂණ සේවාවන්ට කරන රාජ්‍ය ප්‍රතිපාදන අඩු කරන්න කියලා. ඒකෙ තිබුන ජනතාව මත වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ආහාර බෙහෙත් මත බදු ප න වන්න කියලා.
 ඒකෙ තිබුණා වෙළඳ බාධක ඉවත් කරන්න කියලා. වෙළඳ බාධක ඉවත් කිරීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න කියලා. සිංගප්පූරු ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළාට පස්සේ අත් හිටවලා තියෙනවා. ආරංචියක් තියෙනවා ඒක දැන් මූල්‍ය අරමුදල කියමන මත ඒක දැන් සක්‍රීය කරන්න යනවා කියලා.
 දැන් චීනයත් එක්ක අලුතෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න යනවා. ඒක කලාට පස්සෙ ලංකාවේ දේශීය වශයෙන් තියෙන සුළු කර්මාන්ත මධ්‍ය පරිමාණ කර්මාන්ත මේ ව්‍යවසායන් සියල්ල බිඳ වැටෙන්න නියමිතව තියෙනවා.
 මූල්‍ය අරමුදලට යනවා එකේ උපදෙස් ලබා ගන්නවා කියපු දේ බරපතළ ප්‍රතිවිපාක අත්පත් කරලා දෙන්න ඉඩ තියෙනවා.
 අපිටනම් පේන්නේ තියෙන්නෙ මේක යුද්ධයක් අපේ රටේ ජනතාවට එරෙහිව ප්‍රාග්ධන හිමියෝ පාලකයෝ  දේශපාලනඥයෝ කැඳවලා තියෙන යුද්ධයක්. මේ යුද්ධයට මුහුණ දෙන්න ජනතාව සූදානම් කිරීම තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි හිතන්නේ මේ මොහොතේ කළ යුතුව තියෙන්නේ. ජනාධිපතිවරයා ජාතිය අමතලා කරන විහිළු කතා වලින් ඒ විහිළු ජනතාවගේ ඇස් රතුවන විහිළු බවට පත්වෙනවා. ඒ නිසා ඒ විහිළු කතා වලට සීමා නොවී මේ අවදානමට එරෙහිව ජනතාවගේ පෙළගැස්මක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.